තඹුත්තේගම ප්‍රදේශයේ උද්ඝොෂණයේ නිරත 44ක් අත්අඩංගුවට

කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය ඉදිරිපිට දී ප්‍රදේශවාසීන් විසින් කළ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර, එම විරෝධතාවය අතරතුර පොලීසිය සහ එම ජනතාව අතර ඇතිවූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් පොලීසියේ නිලධාරීන් 04 දෙනෙකු තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් විරෝධතාකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානීය ජල බෝතල් නිෂ්පාදය කරනු ලබන චීන පුද්ගලික සමාගමක් සදහා රාජාංගනය වැව ලබාදීමට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ජනතාව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top