වට්ටුවාකල් පාලමේ දී රතු කොඩියක් ඔසවා තැබූ හමුදාව…

මුල්ලතිව් – වට්ටුවාකල් පාලමේදී අඩි 22ක් පමණ උස කුළුනක ඊයේ (1) දින පෙරවරුවේ රතු කොඩියක් දමා ඇති අතර, එය ඊයේ සවස ඉවත් කර ඇති බව පැවැසේ. එම කොඩිය කුමක් සඳහා දමා ඉවත් කළේ දැයි ජනතාව අතර ප්‍රශ්ණයක් ඇතිවී තිබේ.

මීටර 200ක් පමණ දිගින් යුත් වට්ටුවාකල් පාලම වසර 30කට අධික කාලයක් අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ‘වන් වේ“ මාර්ගයක් ලෙස පවතින මෙම ප්‍රධාන මාර්ගයෙහි පාලමේදී අනතුරු රැසක් සිඳුව ඇති අතර, එහිදී බොහෝ දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවලා ලබා තිබේ.

මෙවැනි තත්වයකදී ඉකුත් පාලම මැද අඩි 22ක් උසින් රතු කොඩියක් දමා තිබීමෙන් මෙය ආරක්‍ෂක අනතුරක් යැයි සිතූ ජනතාව භීතියට පත්වූ බව පැවැසේ. එම කොඩිය අසල කඳවුරේ සිටින හමුදා නිලධාරින් විසින් දැමූ බවත් සවස් වනවිට ඔවුන් විසින්ම එය ඉවත් කළ බවට සියසින් දුටු ජනතාව පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top