මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම්වල කිසිදු කප්පාදුවක් නැහැ

සුදුසුකම් සපුරා ඇති කිසිදු ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හෝ මහපොළ හෝ ශිෂ්‍යාධාර ගෙවීම් කිසිදු ලෙසකට කප්පාදු කර නොමැති බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා කියා සිටී.

ඔහු නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වේ.

ශ‍්‍රී ජයවර්ධනපුර හා මොරටුව විශ්ව විද්‍යාලවලට 2016/2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවාගත් සියලූම සිසු සිසුවියන්ට ශිෂ්‍යාධාර අත්තිකාරම් මේ වන විටත් ගෙවා ඇත.

මේ වසරේදී අධ්‍යයන කටයුතු ආරම්භ කළ සියලූම පීඨවල සිසු සිසුවියන්ට අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ලබා දී තිබේ.

අදාළ ගෙවීම් මේ මාසයේදී සිදු කිරීමට පියවර ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top