නවුරු දූපතේ සිට සරණාගතයන්ව ඇමරිකාවට රැගෙන යයි

ඔස්ට්‍රෙලියාවේ නවුරු දූපතේ ආගම රැඳවුම් කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සරණාගතයන්ව ඇමරිකාවේ පදිංචි කිරීම සඳහා කැටුව ගොස් තිබේ.

29 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමේ ළමුන් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුල් දෙකක් සමඟ රෝහිග්‍යා සහ ඇෆ්ගනිස්තානයේ පවුල් දෙකක් ද, ශ්‍රී ලංකා, ඇෆ්ගැනිස්තානය, පාකිස්තාන ජාතිකයන් තිදෙනෙකු ද ඇතුලත් බව පැවැසේ.

ඔස්ට්‍රෙලියානු සරණාගත කඳවුරේ සිටින සරණාගතයන් 1250 දෙනා තම රටේ පදිංචි කරවීමට ඇමරිකානු රජය එකඟවීමෙන් අනතුරුව මෙලෙස එම සරණාගතයන්ව ඇමරිකාව බලා පිටත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top