බැඳුම්කර රජයට අහිමි වූ පාඩුව අයකරගන්න ජනපති දැඩි ස්ථාවරයක

maithri මෛත්‍රීමහ බැංකු බැඳුම්කර සිද්ධියේදී රජයට අහිමි වූ බවට සැලකෙනා රුපියල් කෝටි 167ක මුදල ඊට වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අයකර ගත යුතුය. යන දැඩි ස්ථාවරයේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයන්ට සහ නිරීක්ෂණයන්ට දේශපාලන මැදිහත්වීම් අනවශ්‍ය බවත් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශයන්ද සැලකිල්ලට ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපතිවරයා පසුගිය සතියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කරනු ලැබුයේ අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් රජයට අහිමිවූ මෙම මුදල අයකර ගත හැකිය යන විශ්වාසය මත පදනම්ව බව ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය. ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරය ආණ්ඩුවේ සියලු පාර්ශ්වයන්ට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top