බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්‍ධ පනත සම්මත වෙයි..

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මතවී තිබේ.

පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කර තිබුණි. ඉන් අනතුරුව පැවති දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 53ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19කි.

තුන් වන වර කියවීමේ ඡන්ද විමසීමේ දී පනතට පක්‍ෂව ඡන්ද 53ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 16ක් පමණයි. ඒ අනුව පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top