මහනුරව දිස්ත්‍රික්කයේ පාසල් ලබන 12 වනදා යළි විවෘත කරයි..

මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සියලු පාසල් ලබන සඳුදා (12) යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

මහනුවර ප්‍රදේශයේ පැවති තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරන ලදි.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සදහන් කළේ පවතින සාමකාමී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top