ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

නිල සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අන්තර් ජාතික සූර්ය බලශක්ති එකමුතුවේ පළමු ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාව මේ වසරේ පෙබරවාරි 12 වන දින ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත්විය. මෙම සංචාරය සදහා ජනපති සමග දූත පිරිස 09 දෙනෙකු සහභාගිවීමට දිවයිනෙන් පිටවත්ව ගොස් තිබේ.

ඉන්දිය සංචාරය නිමවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top