අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම NDB බැංකුවේ කොටස් මිලදීගෙන

hdb-bankබැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩුදී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම ජාතික සංවර්ධන බැංකුවේ (NDB) කොටස් මිලදී ගෙන තිබේ.

ඔක්තෝම්බර් 31වන දින නිකුත් කළ එම බැංකුවේ ප්‍රධාන කොටස් කරුවන්ගේ ලේඛනයෙන් ඒ බව අනාවරණය වේ.

පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම කොටස් මිලියන 6.2කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර එය බැංකුවේ සමස්ත කොටස්වලින් 3.7%කි.

මේ අතර පර්පෙචුවෙල් ඉක්විටි නමැති සමාගමක්ද NDB බැංකුවේ 2.4%ක කොටස් මිලදී ගෙන තිබේ.

 පසුගිය ජුනි 30 වනදායින් අවසන් කාර්තුවට නිකුත් කළ කොටස් හිමි ලේඛනයේ මුල් කොටස්කරුවන් 20 දෙනා අතරට පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගම සහ පර්පෙචුවල් ඉක්විටි සමාගම ඇතුළත්ව තිබුණේ නැත. එහෙත් ඉන් පසු කාර්තුවේ නිකුත් කළ ලේඛනයේ එම සමාගම් මෙසේ සඳහන් වේ.

– lankatruth.com

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top