නිදහස් කුසලාන 20-20 තරඟාවලිය – ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරඟයේදී ඉන්දියාවට ජය

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (13) ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරග ආරම්භය පැයක පමණ කාලයක් ප්‍රමාද විය. ඒ අනුව එක් කණ්ඩායමටක හිමි වූ පන්දුවාර ගණන 19කි.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 152ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ජය තහවුරු කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top