උපවාසයේ නිරතවූ ආබාධිත රණවිරුවන් තිදෙනෙකු ජාතික රෝහලට..

විරෝධතා - උද්ඝෝෂණතමන්ටද සේවා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් උපවාසයක් ආරම්භ කළ ආබාධිත රණවිරුවන්ගෙන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මීට දින 07 කට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළදී ආබාධිත රණවිරුවන් විසින් විරෝදතාවයක් ආරම්භ කරන ලද්දේ වසර 12 ක සේවා කාලය සම්පූර්ණවීමට පෙර විශ්‍රාම යන ලද ආබාධිත හමුදා සහ පොලිස් සාමාජිකයින් හට සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා සිටිමිනි.

අදාළ පිරිසෙන් කිහිපදෙනෙකු විසින් පසුගිය 03 වනදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. එසේ මාරාන්තික උපවාසයක නිරතව සිටි ආබාධිත සෙබළුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

උපවාසයේ නියුතු රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සඳහන් කළේ මේ වන තෙක් රජයේ කිසිදු නිලධාරියෙක් තම ගැටලුව විසඳීමට ඉදිරිපත් නොවූ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top