අර්ජුන් මහේන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය අද (15) නිකුත් කර ඇත.

සිංගප්පූරු පුරවැසියෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා, මහ බැංකුවේ අධිපතව සිටි සමයේ සිදු කළ වංචාසහගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් පවතින නඩුවේ ප්‍රදාන සැකකරුවෙකි.

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදීම අධිකරණය මගින් ඔහුට නියෝග කර තිබුණද ඔහු ඊට අවනත නොවූ අතර මේ වනවිට ලංකාවෙන් පිටත්ව ගොස් සිටින ඔහු ලෝකයේ කුමණ රටක ජීවත්වන්නේදැයි පැහැදිළව අනාවරණ කර ගෙන නැත.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම විශ්වාසවන්තයෙකු ලෙස සැලකෙන අතර අග්‍රාමාත්‍යවරයා වරක් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුනේද අර්ජුන් මහේන්ද්‍රන් මහතාව තමන්ට විශ්වාස බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top