ෆේස්බුක් යළි සක්‍රීය වෙයි..

පසුගිය දින කිහිපය තුළ මෙරට තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ අවහිර කරන ලද “ෆේස් බුක්” සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිය දින නවයකට පසු යළි සක්‍රීය කර තිබේ.

අද (15) උදෑසන ඉන්දියාවේ සිට පැමිණි ෆේස්බුක් සමගාමේ නියෝජිතයින් පිරිසක් හා ජනාධිපති ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ලේකම් ඔස්ට්න් ප්‍රනාන්දු ඇතුළු රජයේ නියෝජිත කණ්ඩායමක් සමග පැවැති සාකච්ඡාවේදී වෛරිසහගත ප්‍රකාශ ඉවත් කරන බවට ෆේස්බුක් සමාගමේ නිලධාරින් විසින් ලබාදුන් පොරොන්දුව සමග මෙරටතුළ පනවා තිබු ෆේස්බුක් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට රජය තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top