කිලිනොච්චිය පිහිටි හින්දු කෝවිල් කඩා එහි පිළිමයන් සොරා ගනී..

කිලිනොච්චිය, මුරසුමෝට්ටයි ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික හින්දු කෝවිල් තුනක් නාඳුනන පිරිසක් විසින් විනාශ කර ඇති අතර, එහි තිබූ පිළිමයන් ද සොරාගෙන ගොස් තිබේ. මෙම සිද්ධිය පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රී සිඳුව තිබේ.

මුරසුමෝට්ටයි සිවා සුප්ප්‍රමනියම් කෝවිල, මුරසුමෝට්ටයි සේට්රුක්කන්ඩි මුත්තිමාරි අම්මන් කෝවිල, සහ පිල්ලයාර් කෝවිල මෙලෙස කඩා විනාශ කරමින් එහි තිබූ පිළිමයන්, රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් තිබේ.

මෙම සොරකම් තුනම එකම කණ්ඩායමක් විසින් සිඳුකර ඇති බවට පොලීසිය විසින් සැකපළ කර තිබෙන අතර, පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top