අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට යැවීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top