ජී. එල්. පීරිස් නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවතට

ජි.එල්හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී. එල්. පීරිස්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බවට වාර්තාවේ.

පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස් ඉකුත්දා පත් කෙරුණා. මෙම පත් කිරීමත් සමග ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන්නේ.

අදාළ කරුණ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව දැනුවත් කර, ඒ බව ජී. එල්. පීරිස් හිටපු මන්ත‍්‍රීවරයාට ලිඛිතව දැනුම් දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බවට වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top