ඔස්ට්‍රෙලියාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට නෞකා එජ්ජින් දෙකක්

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා රජයන් අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වික සුහදතාවය වර්ධනය කරනු වස් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මිහිකත නෞකාව සඳහා නව එන්ජින් 2 ක් ප්‍රදානය කරන ලදී.

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ප්‍රධාන ජැටිය පරිශ්‍රයේදී ඊපසුගියදා එම අවස්ථාව උත්සවාකාරයෙන් පැවැත්වුනු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, ගරු බ්‍රයිස් හචිසන් මහතා සහභාගී විය.

හචිසන් මහතා විසින් එහිදී එම එන්ජින් 2 නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම සිදු කරන ලද බව නාවික හමුදාව කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top