ජනාධිපතිව හමුවීමට අවස්ථාවක් ලබා දෙන බව පවසා උද්ඝෝෂණකරුවන් රැවටූ පොලීසිය

අද දින යාපනයේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පළ කරමින් යාපනයේ විරෝධතාවක් පැවැත්වුණි. අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් යාපනය ප්‍රධාන මාර්ගයේ දී අද (19) පෙරවරු 8 සිට මෙම විරෝධතාවය පැවැත්වුණි.

ශාන්ත පැට්‍රික් විදුහලේ විද්‍යාගාරයක් විවෘත්ත කිරීමට හා එම විදුහලේ නාන තටාකයකට මුල් ගල තැබීමට ජනපතිවරයා මෙලෙස යාපනයට පැමිණ සිටියේය. ඒ අතර, ශාන්ත පැට්‍රික් විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු වන ප්‍රාන්සිස් පියතුමන් සමඟ හමුදාව වෙත භාරවූ පිරිස සම්බන්‍ධයෙන් කිසිඳු තොරතුරක් නොමැති තත්වයක, ප්‍රන්සිස් පියතුමන් විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී ශාන්ත පැට්‍රික් විදුහලේ ඉගෙනුම ලැබූ සිසුන් ද පියතුමා පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයෙහි නිරතවූහ.

එහිදී ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් සලසා දෙන බවට පොරොන්දුවූ පොලීසිය උද්ඝෝෂණකරුවන්ට සාමකාමී ලෙස සිටින ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා සමඟ තම නියෝජිතයන් හමුවීමට පොලීසිය විසින් අවස්ථාවක් ලබා දෙන බව පැවැසීමෙන් අනතුරුව උද්ඝෝෂණකරුවන් ද සාමකාමීව රැඳී සිටියහ. කෙසේ නමුත් ජනාධිපතිව හමුවීමට පොලීසිය විසින් කැඳවාගෙන ගිය පිරිසට ජනාධිපතිව හමුවීමට අවස්ථාවක් සලසා නොදීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top