ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වන චමරි අතපත්තු පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කණ්ඩායම මෙහෙයවනු ඇත. චමරි අතපත්තු මීට වසර කිහිපයකට පෙර ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා ඇති අතර පසුව ඇයට නායකත්වය අහිමි විය.

එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මෙවර පකිස්ථාන පිලේ ශ්‍රී ලංකා සංචාරය අද (20) රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ආරම්භ විමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top