විපක්‍ෂ නායක ඝාතනයට ලක්වූ සිසුන්ගේ ඥාතීන්ව හමුවෙයි..

dsc_0127ඝාතනයට ලක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නඩරාජා ගජන්ගේ නිවසට අද පස්වරුවේ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පැමිණි අතර, පවුලේ ඥාතීන්ට සිය ශෝකයද පළ කළේය.

එහිදී අදහස් ප්‍රකාශ කළ සම්බන්‍ධන් මහතා, යුක්තිය ඉල්ලා විමර්ශණ කටයුතු පවත්වාගෙන යන අතර, ඝාතනයට පත්වූ සිසුහු මෙම පවුල්වලට වැදගත්ය. ඔවුන් අහිමිවීම මෙම පවුල්වලට දැඩිව බලපා තිබේ. මෙම සිසුන්ගේ පවුල්වල ආර්ථික තත්වය කෙරෙහි සොයා බලා උදව් ලබාදීමට පියවර ගන්නා බව සම්බන්‍ධන් මහතා පවසා සිටියේය.

මෙම අවස්ථාවය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා සහ පළාත් සභා මන්ත්‍රී පසුපදිපිල්ලේ මහතා ද සහභාගිවූහ.

dsc_0134මේ අතර, විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා සහ මන්ත්‍රී සරවණබවන් මහතා කන්දාරෝඩයි ප්‍රදේශයේ පිහිටි ඝාතනයට ලක්වූ සුලක්‍ෂන්ගේ නිවසට ද ගොස් පවුලේ ඥාතීන් හමුවිය.

img_3472

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top