ජනපති නිල සංචාරයක් සඳහා අද පාකිස්තානයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචාරයක් සඳහා අද (22) පකිස්ථානය බලා යාමට නියමිතය.

පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ආරාධනාවකට අනුව ලබන 24 වනදා දක්වා ජනාධිපතිතුමා එරට සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

සංචාරය තුළදී ජනාධිපතිතුමා පකිස්ථාන ජාතික දිනයට ද සහභාගී වනු ඇත

එසේම දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පකිස්ථාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාකන් අබ්බාසි මහතා සමඟ ද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

සංචාරය තුළදී ඉස්ලාමාබාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටි ප්‍රතිසංස්කරණය කරන ලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top