මැයි දින සැමරුම් කල් දමන්නැයි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

වෙසක් සතිය නිමිත්තෙන් මැයි දින සැමරුම් වෙනත් දිනයකට යොදාගන්නැයි ත්‍රෛනිකායික මහානාහිමිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

මෙවර වෙසක් පොහොය අප්‍රේල් මස 29 සහ 30 යන දිනවල යෙදී ඇති අතර, වෙසක් සතිය අප්‍රේල් මස 29 වනදා සිට පුරා සතියක් ක්‍රියාත්මක වේ. මෙම සතියේ දී දිවයිනේ බෞද්ධ සැදැහැවතුන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් වෙසක් උත්සවය සමරන බැවින් මැයි රැළි සැමරුම් වෙනත් දිනයක දී යොදා ගැනීමට කටයුතු කරන ලෙස මහානාහිමිවරුන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top