ඇප ඉල්ලා ඇලෝසියස් සහ පලිසේන ගොනු කළ පෙත්සම කල් යයි..

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීම ලබන 29 වැනි දා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය ඊයේ (23) තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේ නඩුව කැඳැවූ අතර අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරෙස්න මහතා විනිසුරු මඩුල්ලේ නොමැති වීම හේතුවෙන් පෙත්සම කල් තබා ඇත.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමද එදිනට සිදු කිරීමට නියමිතය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කරනු ලැබ ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top