KP බුද්ධිමතෙක්, ප්‍රබාකරන් බුද්ධිමතෙක් නොවේ!

“එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ වූ සාකච්ඡාවල මට විශ්වාසයක් තිබුණේ නැහැ, එය කාලය නාස්ති කරන වැඩක් යැයි මම සිතුවා“ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

ඉන්දියන් එක්ස්ප්‍රස් මාධ්‍යට ගෝඨාබය රාජපක්‍ෂ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී “ යුද්දය අවසන්වීමට පෙර, කොටි සංවිධානය සමඟ අවසන් මොහොතේ යම්කිසි සාකච්ඡාවක් පැවැත්වුනාද, කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ට එය ලැබුණාද?“ යැයි කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් ඔහු පවසා තිබෙන්නේ, “ කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ව බුද්ධිමතෙක් යැයි මම සඳහන් කරන්නේ නැහැ. නමුත් කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් එහෙම නෙමෙයි ඔහු බුද්ධිමතෙක්. මැලේසියාවේ සිට ඔහුව කොළඹට රැගෙන එන අවස්ථාවේ ඔහු භීතියට පත්ව සිටියා. එය තමයි ඔහුගේ අවසන් මොහොත යැයි ඔහු සිතුවා. නමුත් දැන් ඔහු සතුටින් ජීවත්වෙනවා. මන්ද ඔහුගේ අතීතය සහ වැරද්ද වටහා ගැනීමට අපි සූදානමින් සිටියා. ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපි අවසර ලබාදුන්නා“ යැයි ගෝඨාබය රාජපක්‍ෂ වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top