දිස්ත්‍රික් 4ක නායයාමේ අවදානම තවදුරටත්

land_slide නායයාමේදිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් තත්ත්වය තවදුරටක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පැවැති වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කර ඇති නායයාමේ අවදානම් සහ කණ්ඩි කඩා වැටීමේ තත්ත්වය තවදුරටත් පවතින බව සඳහන් කර තිබේ.

ඒ අනුව රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස අනතුරු ඇගවීම ප්‍රකාශ කොට ඇත.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල කඳුකර බෑවුම් ප්‍රදේශ හා නිර්මිත බෑවුම් ප්‍රදේශවල මෙන් ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ හැකියාවක් ඇති ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top