තංගල්ල සහ මාවනැල්ලේ සභාපති එජාපෙන්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය පළාත් පාලන මැතිවණයේදී ජයගන්නා ලද තංගල්ල නගර සභාවේ නගරාධිපතිපතිවරයා තේරීම සඳහා වූ ඡන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයගෙන තිබේ.

ඒ අනුව තංගල්ල නගර සභාවේ සභාපති ලෙස අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ පුතු වන රවිඳු වෙදආරච්චි මහතා පත්වූ අතර උප සභාපති ලෙස එම්ඒ මොහොමඩ් සිරාස් මහතා පත්කර තිබේ.

සභාපති ධූරය සදහා වූ ජන්ද විමසීමේදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් හේවා දුනුවිල හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රවිදු වෙදආරච්චි යන මහත්වරුන්ගේ නම් යෝජනා කර තිබුණි. ජන්ද විමසීමේදී අපේක්ෂකයින් දෙදෙනාම සමාන මනාප ලබාගත් බැවින් කුසපත් ඇදීමෙන් සභාපතිවරයා තෝරාගෙන තිබේ.

මේ අතර, මාවනැල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයටත් උප සභාපති ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානටයත් අද හිමිව තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ චන්දන කුමාර මහතා සභාපතිවරයා ලෙසද , එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා උප සභාපතිවරයා ලෙස ද තේරීපත්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top