මහනුවර ගැටුමට සම්බන්‍ධ කුණ්ඩසාල ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

මහනුවර, දිගන පසුගියදා ඇතිවු ගැටුමට සම්බන්ධවු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් ඊයේ(28) රත්‍රීයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සදහන් කරයි.

කුණ්ඩසාල ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණූ මන්ත්‍රීවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමෙන් කුණ්ඩසාලේ ප්‍රදේශීය සභාවට තේරී පත්වූ දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කුමාරමොහොට්ටිගේ සමන්ත පෙරේරා හෙවත් අරලිය සමන්ත නැමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top