අගමැති යටතේ තිබු මහා බැංකුව මුදල් අමාත්‍යංශයට

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථිත කටයුතු අමාත්‍යංශය යටතේ පැවැති ශ්‍රි ලංකා මහා බැංකුව යලිත් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පැවරිම සිදුකර තිබේ. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථිත කටයුතු ඇමතිවරයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ය.

මේ අතර සුරැකුම් පත් හා විනිමය කොමිසමත් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.

එසේම ලංකා ලිට්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top