ගිනි අවියක් සහ උණ්ඩ 28ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව

ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 28ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම කටුගහහේන සොල්දරකඩේ හන්දිය ප්‍රදේශයේදී කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අතර යුද හමුදා සෙබලෙක්ද වන අතර, සැකකරු සතුව තිබි මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන්ව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top