සම්බන්‍ධන්ට අතුරලිය රතන හිමිගෙන් ලිපියක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන අයුරින් කටයුතු නොකරන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමියන් විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්‍ධයෙන් රතන හිමියන් විසින් අද (31) දින සම්බන්‍ධන් මහතාට යවා ඇති හිදිසි ලිපියකදී සඳහන් කර තිබෙන්නේ, ‘රනිල් වික්‍රමසිංහට දෙමළ ජාතික සන්ධානය සහාය ලබා නොදෙනු ඇතැයි අපේක්‍ෂා කරන්නෙමු. ඔබතුමා විපක්‍ෂ නායකයාය. විපක්‍ෂ නායකයා යනු උතුර නැගෙනහිරට පමණක් නොවේ, සියළු ශ්‍රී ලාංකිකයන්ගේම ප්‍රශ්ණයන් ගැන අවධානය යොමු කළ යුතුයි. දැඩි චෝදනාවලට මුහුණ දී සිටින රනිල් වික්‍රමසිංහට සහාය ලබාදුන්නේ නම් එය ඔබ පක්‍ෂයේ කීර්තියට හානියක් විය හැක‘ යැයි එම ලිපියෙහි සඳහන් කර ඇති බවට තොරතුරු හෙලිිවි තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top