ඒකාබද්ධයේ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට නව පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම තහනම් – දුමින්ද සිල්වා

duminda- දුමින්ද දිසානායකඒකාබද්ධ විපක්ෂය යටතේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අලුතින් ආරම්භ කර තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යන බව හෙතෙම සදහන් කර තිබේ.

මේ අනුව ඒකාබද්ධ විපක්ෂය සකස් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් පක්ෂ සාමාජික, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යන බවද දුමින්ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top