දුම්වැටි තනි තනි වශයෙන් අලෙවි කිරීමට තහනමක්..

දුම්වැටි තනි තනි වශයෙන් අලෙවි කිරීම ඉදිරි දින කිහිපය තුළදී නවතා දැමීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.

ඊයේ (31) දින බෝ නොවන රෝග පිළිබඳ පළමු වාර්ෂික සාර්ක් සමුලුව පැවැත්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කරන ලදි. ජාත්‍යන්තර දුම්වැටි විරෝධී ප්‍රඥප්තියට අත්සන් කරන ලද පළමු රට ලංකාව බවද අමාත්‍යවරයා එහිදි සදහන් කර ඇත.

තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකා දෙකක් මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර එය මේ මස 07 වන දිනට යෙදී ඇති ලෝක සෞඛ්‍ය දිනයට පෙර සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top