අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය ලබා දෙනවාද නැද්ද කියා හෙට (2) දින තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. සිවමෝහන් මහතා පවසයි.
විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙ.ජා.ස. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් හෙට දින රැස්වී මේ සම්බන්‍ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.