මහනුවර ප්‍රචණ්ඩත්වයට සම්බන්‍ධ තවත් සැකකරුවන් 4ක් අත්අඩංගුවට

පසුගියදා මහනුවර ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 04 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. එහිද එක් සැකකරුවෙකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (2) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තවත් සැකකරුවෙකු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටෙ නියෝග කර ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔවුන් අතර හිටපු හමුදා සෙබළෙකුද සිටින අතර, ඔවුන් අඹේතැන්න, දිගන සහ කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top