ගුවන්තොටුපොල සෙවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට එහි පාලනාධිකාරය එකඟවීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.
මේ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීම අද පස්වරු 6.30 න් පසුව සිදුකිරීමට නියමිතය.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අශෝක් අබේසිංහ, ගුවන් තොටුපොළ පාලනාධිකාරිය, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් හා වෘත්තීය සමිති සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවේදී වැටුප් වැඩිකිරීමට එකග වී ඇත.