නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි..

දකුණු අප්‍රිකාවේ වර්ගභේදවාදයට එරෙහි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක හා හිටපු ජනිධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ පළමු බිරිද වූ විනී මැන්ඩෙලා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඇය 81 වන වියේ පසුවිය.

වසර 27ක් පුරා සිර දඩුවම් විදි නෙල්සන් මැන්ඩෙලා මහතා ඉන් නිදහස ලැබූ දිනයේදී ඔහු අතින් අල්ලා ගනිමින් ඇය ගමන් කළ ආකාරය දැක්වෙන ජායාරූපය ලෝකයේ ප්‍රබලතම ජායාරූපවලින් එකක් ලෙස සැලකේ.

කෙසේ වෙතත් 1996 වසරේදී නෙල්සන් මැන්ඩෙලා හා විනී මැන්ඩෙලා වෙන්වූයේ ඔවුන් අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙසය.

එහෙත් ඇය මරණයට පත්වන තෙක්ම මැන්ඩෙලා වාසගම භාවිතා කළ අතර නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අවසන් මොහොත දක්වාම ඇය ඔහුට සමීපව කටයුතු කරනු ලැබුවාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top