අගමැති රනිල් වික්රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධය අග්රාමාත්යවරයාට සහාය පල කරමින් ප්රකාශ කිරිමට ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය තීරණය කර ඇත.
ඊයේ (03) රාත්රී රැස්වුණු ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ උත්තරීතර මණ්ඩලය මෙය තීරණය කළ බව එම පක්ෂයේ නායක රහුෆ් හකීම් මහතා පවසයි.
මෙය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වුණු යෝජනාවක් හෙයින් යෝජනාව පරාජයට පත් කළ යුතු යැයි එහිදී තීරණය කෙරුණු බවද හකීම් මහතා ප්රකාශ කර ඇත.