විශ්වාසභංගයේදී අගමැතිට සහාය ලබාදීමට දෙ.ජා.ස. තීරණය කරයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ජන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. ඊයේ (03) රාත්‍රී පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

දෙ.ජා.ස. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු නියෝජනය කරන අතර, ඊයේ දින පැවැති සාකච්ඡාවට එම පක්‍ෂයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සහභාගිවී තිබේ. එහිදී ඊට සහභාගීවීමට නොහැකිවූ මන්ත්‍රීවරයෙකුද දුරකථනය හරහා අදාළ සාකච්ඡාවට සම්බන්ධවී ඇති අතර එම මන්ත්‍රීවරයාද අදාළ ජන්ද විමසුමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පක්ෂව ජන්දය ප්‍රකාශ කරන බව තහවුරු කර ඇත. එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවී තිබේ.

කෙසේ වුවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කර සිටින්නේ අදාළ සහය දැක්වීම කොන්දේසි සහිතව ලබාදුන්නක් වන බවය. එම කොන්දේසි පිළිබඳ තම පාර්ශවය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය කණ්ඩායමට දැනුම්දුන් බවත් ඊට ඔවුන් එකඟතාව පළකිරීම මත තම සහය අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදෙන බව ඔවුන් අවදාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top