අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යොජනාව අද වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය.
විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 76 ලැබුණු අතර විශ්වස භංග යෝජනාවට විරුද්ධව ඡන්ද 122 ලැබුණි.
ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්රීවරු 26 දෙනෙකු පැමිණ සිටියේ නැහැ. එහිදී නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, විජිත් විජයමුණි සොයිසා, එල්.එම්. හිස්බුල්ලාහ්, ඒ.එච්.එම්, ෆවුසි. ආරුමුගම් තොන්ඩමන්, අතුරලිය රතන හිමි ඇතුළු පිරිස ද පැමිණ නොසිටීම විශේෂත්වයකි.