ශ්‍රීලනිප කැබිනට් ඇමති 6 ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ජන්දය භාවිතා කළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කළ විශ්වාසභංග යෝජනා ඊයේ (6) දින කථානායකවරයා වෙත භාරදී තිබේ.

මේ අතරට නියෝජ්‍ය කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක්ද ඇතුලත්.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතා මේ බව තහවුරු කර තිබේ.

මේ අතරට කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙක් ඇතුලත්.
මේ එම නාමාවලියයි.

දයාසිරි ජයසේකර
එස් බී දිසානායක
සුසිල් ප්‍රේම්ජයන්ත්
අනුර යාපා
චන්දිම වීරක්කොඩි
ජෝන් සෙනවිරත්න
තිලංග සුමතිපාල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top