කෑගල්ල, කුරුදුහින්න ප්රදේශයේ නිවසක නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කැනීම් කටයුතු සදහා යොදා ගත් උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.