නීති විරෝධී ලෙස විදේශ දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු කටුනායක රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස දුම්වැටි තොගය රැගෙන ඇවිත් තිබෙන අතර, එවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව පැවැසේ.

සැකකරුවන් රාගම හා හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට රුපියල් ලක්‍ෂ එකහමාරක දඩ මුදලක් නියම කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top