ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයට පහරදීම හෙළා දකිනවා – ජි.එල්.

ජි.එල්විශ්‍රාමික ආබාධිත රණවිරුවන් විසින් පවත්වන ලද විරෝධතාවට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හෙළා දකින බව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය 30 වැනිදා සිට මාරාන්තික උපවාසයක නිරත වූ ආබාධිත රණවිරුවන්ට සිය ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා කෙටි සාකච්ඡාවක් හෝ ලබානොදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකළේ මන්දැයි ඔහු සිය නිවේදනයෙන් ප්‍රශ්න කරයි.

රට වෙනුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට එරෙහිව ආණ්ඩුව විසින් මෙවන් ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ නොමැති බවත්, එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකා ඉතිහාසයේ උද්ඝෝෂණයකට එල්ල වූ මිලේච්ඡතම ප්‍රහාරය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top