මුල්ලිවායිකාල් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බව සැකකරන ආයුධ තොගයක් හමුවෙයි..

මුල්ලිවායිකාල් ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදැමූ බවට සැකකරන ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (9) දින සොයාගෙන ඇති බව වාර්තාවේ. වව්නියාව විශේෂ කාර්‍ය බලකායට ලැබුණු රහසිගත තොරතුරක් මත සිඳුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම ආයුධ තොගය සොයාගෙන තිබේ.

වතුර ටැංකි හතරක දමා වලදමා තිබූ එම ආයුධ තොගය අතර, වෙඩි උණ්ඩ 3000ක්, අත්බෝම්බ 34ක්, තමිලන් අත්බෝම්බ 22ක්, බිම් බෝම්බ 48ක්, ආර්.පී.ජී. 7ක්, පී.එම්.ජී. උණ්ඩ 2000ක්, ගුවන් නාශක උණ්ඩ 1710ක්, ඩෙටනේටර් 06ක්, කිලේමෝ බෝම්බ 04ක්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිෂ්පාදනයක් වන අරුල් නැමැති ෂෙල් 34ක් සහ සී4 පුපුරණ ද්‍රව්‍ය 48ක්ද මෙලෙස සොයාගෙන තිබේ. මෙම ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තොගය අධිකරණ නියෝග යටතේ නිෂ්ක්‍රීය කිරීමට නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top