නන්දිකඩල් ප්‍රදේශයේ පිහිටි හමුදා නිරීක්‍ෂණ කඳවුර ඉවත් කෙරේ..

මුල්ලතිව්, නන්දිකඩල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හමුදා නිරීක්‍ෂණ කඳවුර සහ ආපන ශාලාව ඉවත් කර තිබේ. පසුගිය 2009 වසරේ අවසන් යුද්දයේදී වට්ටුවාකල් ප්‍රදේශය අත්පත් කරගත් හමුදාව මුල්ලතිව් – පරන්දන් ප්‍රධාන මාර්ගයේ ප්‍රවාහන කටයුතු සෝදිසි කිරීම සඳහා මෙම නිරීක්‍ෂණ කඳවුර නන්දිකඩල් ප්‍රදේශයේ ඉදිකළ අතර, එහිදී ආපන ශාලාවක්ද ඉදිකර තිබුණි.

මෙවැනි තත්වයකදී වසර නවයකට පසු මෙම නිරීක්‍ෂණ කඳවුර හමුදාව විසින් ඊයේ දින ඉවත්කරගෙන ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top