කෝටි 17ක් වටිනා රත්‍රං තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කෝටි 17කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක දිනේෂ් බණ්ඩාර මහතා පවසයි.

තලෙයිමන්නාරම් මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

බෝට්ටුවක ආධාරයෙන් මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රැගෙනයමින් තිබියදී මෙම රත්‍රං තොගය සොයාගෙන තිබේ.

ග්‍රෑම් 100 බැගින් වූ රත්‍රං බිස්කට් 242ක් එහිදී සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ රත්‍රං තොගය යාපනය රේගු කාර්යාලයට භාරදීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top