ඇලෝසියස් සහ පලිසේන යළි රක්ෂිත බන්ධනාගාරයට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මේ මස 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) නියෝග කර තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු වූ බැඳුම්කර වංචාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින විමර්ශනවලදී හෙළි වූ කරුණු මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සියිති.

මෙහි ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුනු මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු වැසියෙකු වන අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ගොස් සිටියි. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස අවස්ථා ගණනාවකදීම සිතාසි නිකුත් කළද ඊට කන් නොදීම නිසා මේ වනවිට ඔහුට ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top