යාපනය, වලිගාමම් උතුරු ප්‍රදේශයේ අක්කර 683ක ඉඩම් යළි ජනතාව..

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල)

යාපනය, වලිගාමම්, උතුරු ප්‍රදේශයේදී හමුදා අධික ආරක්‍ෂක කලාපය තුල පිහිටා තිබූ අක්කර 683ක ඉඩම් ඊයේ (13) දින හමුදාව විසින් යළි ජනතාවට ලබාදී තිබේ.

මයිලිඩි අම්මන් කෝවිල ඉදිරිපිට පැවැති ඉඩම් යළි ලබාදීමේ උත්සවයට සහභාගි වූ හමුදාපති මහේෂ් සේනානායක මහතා විසින් ඉකුත් ඉඩම් නිල වශයෙන් ජනතාවට ලබාදුන්හ.

පසුගිය වසර 27කට පෙර එම ප්‍රදේශවලින් ඉවත්ව ගිය ග්‍රාම සේවා වසම් 5ක, පවුල් 964කට අයත් ඉඩම් ඊයේ දින මෙලෙස නැවැත ලබාදුන් බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top