ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල)

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ හොරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකෙරුණු වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබූ රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 12 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

වයස අවුරුදු 26 ක් වූ සැකකරු බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top