ඉන්දීය ධීවරයන් 27 දෙනෙකු නිදහස් කෙරේ..

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු යලි එරටට භාර දීම පසුගිය දා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

අත්අඩංගුවට පත් ධීවරයින් 27 දෙනා මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස වලදි ශ්‍රී ලංකාවට අයත් කරෙයිනගර් සහ මන්නාරම මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ අය වන අතර, එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 401 සහ සීජී 402 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් එක් වූහ. ඒ අනුව, ඔවුන් අද මධ්‍යහ්නයේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රානි ගයිදින්ලියූ’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top